අලි සබ්රිට එරෙහිව පියවර ගන්නැයි මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලයි

අලි සබ්රිට එරෙහිව පියවර ගන්නැයි මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලයි

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් භාරදී ඇත.

එම මන්ත්‍රීවරයා රත්‍රන් සහ ජංගම දුරකථන රැගෙන දිවයිනට ඇතුලුවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී පසුගියදා රේගු භාරයට ගැනිණ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සන්තකයේ තිබී රේගු නිලධාරීන් විසින් රත්‍රන් කිලෝ ග්‍රෑම් තුන හමාරක් සහ ජංගම දුරකථන 91 ක් සොයා ගනු ලැබිය. ඒ අනුව එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75 ක දඩයක් ගෙවීමට නියමවූ අතර පසුව එම දඩය ගෙවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රේගු නිලධාරීන් විසින් නිදහස් කළේය.

එම මන්ත්‍රීවරයා වරප්‍රසාද අවභාවිත කර ඇති බවට කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අදාළ මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත. එම ලිපියට දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, හර්ෂණ රාජකරුණා, වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කර තිබේ.

11

WhatsApp Image 2023 05 25 at 3.35.07 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න