නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමට බ්‍රිතාන්‍ය සහාය ඉල්ලයි

නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමට බ්‍රිතාන්‍ය සහාය ඉල්ලයි

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර්  ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන්  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අමාත්‍ය ටිරාන් අලස්  හමුවී තිබේ.

මෙහිදී ‍රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

සේරා හල්ටන්  ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් ඉල්ලා තිබේ.

තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡ වී තිබේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  පවසා ඇත්තේ මෑතකදී බ්‍රිතාන්‍ය ද නව නීති හඳුන්වා දුන් බවත් එම නීති හඳුන්වාදීම රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවය.

බෙන් මෙලර්  මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින 04 දෙනෙකු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී ටිරාන් අලස්  පවසා ඇත්තේ ඔවුන් සිව්දෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් බවය.

තවද ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් වෙත නීතිරීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලීසිය ද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන්  මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.