ලංකාවේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට අමෙරිකාව සූදානමින්

ලංකාවේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට අමෙරිකාව සූදානමින්

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය ස්ථාවර කිරීමට රජය සෑම පියවරක්ම ගනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  සඳහන් කරයි.

දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයින් සමඟ ඊයේ(24) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.

“පසුගිය කෙටි කාලය තුළ රජය විසින් සිදු කළ ප්‍රතිසංස්කරණයන් තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් දකින්නට පුළුවන්. නමුත් තවදුරටත් අපි එවැනි ආර්ථික ආගාධයකට රට ගමන් නොකරන ආකාරයේ ස්ථාවරත්වයක් රටේ ආර්ථිකයේ ඇති කරන්නට අපි වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මූල්‍ය ප්‍රතිපත්ති සැකැස්මේ සිට දරිද්‍රතාවයෙන් ජනතාව මුදවාගෙන ඔවුන් සවිබල ගැන්වීමටයි ජනාධිපතිතුමත්, රජයත් සෑම විටම අවධානය යොමු කරන්නේ. අපි දකින සංවර්ධනය මේ අවස්ථාවේ දී ජනතාව සවිබල ගැන්වීමයි. විනිවිද භාවය සුරක්ෂිත කරගෙන ජනතාවට සෑම තොරතුරක්ම සන්නිවේදනය කරමින් ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ජනතාවත් මෙම වැඩපිළිවෙල අවශ්‍ය බව අවබෝධ කරගෙන, ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා.” යනුවෙන් ඇමතිවරයා සදහන් කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණයට කඩිනම් පියවර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා සිය ප්‍රසාදය පළ කරන ලදී. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට හා විදෙස් වෙළෙඳාම පුළුල් කිරීමට ඇමෙරිකානු රජය සූදානමින් සිටින බවත් ඒ සඳහා ඕනෑම අවස්ථාවක දී සිය සහය ලබා දෙන බවත් බ්‍රෙන්ඩන් ලින්ච් මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා ඇතුළු පිරිසක් ද, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් එච්.ජී.සුමනසිංහ  ඇතුළු පිරිසක් ද සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න