ජනාධිපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

යෝජිත අමාත්‍යමණ්ඩල සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අප්‍රේල් 23-24 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.යෝජිත අමාත්‍යමණ්ඩල සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අප්‍රේල් 23-24 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුව තුළ කටයුතු කරන ආකාරය සම්බන්ධ අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව සකස්කළ වාර්තාවේ අඩංගු කාරණා සම්බන්ධවද එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ඒ අනුව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මණ්ඩල සංශෝධනය මැයි පළමු වැනිදාට පෙර අනිවාර්යයෙන්ම සිදු කෙරෙන බවය.

බස්නාහිර ප්‍රධාන ඇමති ඉසුර වෙනම කතාවක 

කෙසේ වුවත් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගීවූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරගන්න දී ශ්‍රීලනිපය ඉන් ඉවත්විය යුතු බවය. 

එසේම ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනා යළිත් ආණ්ඩුවට එක්නොවන බවත් තමන් සියලුදෙනාට වැදගත් වන්නේ 2020 මැතිවරණය බවද එහිදී ඔහු සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න