සුරාබදු ආදායමේ අඩුවක් !

සුරාබදු ආදායමේ අඩුවක් !

සුරාබදු ආදායම ඉකුත් මාර්තු මාසයේදී සියයට 40කින් පමණ පහළ බැස ඇති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ඒ පදනම් කරගෙන කිසිසේත් රටබීම මිල අඩුකිරීමේ තීන්දුවක් ගෙන නොමැති බවය.

එසේම රටබීම මිල ලබන ජුනි මාසයේ සිට අඩුවන බවට සමාජ මාධ්‍යජාලවල පළවන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැතැයිද මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ ජනවාරි මාසයේදී සුරාබදු ඉහළ නැංවීම නිසා මේ වසරේ ඉලක්ක ගත සුරාබදු ආදායම සියයට 30කින් පමණ අඩුවනු ඇතැයි ගණන් බලා තිබෙන බවද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

නිත්‍යාණුකූල රට බීම අලෙවියේ බිඳ වැටීමත් සමග පාරිභෝගිකයන් නීති විරෝධී මත්වතුරවලට යොමුවීම ඉහළ ගොස් තිබෙන අතර එම නිසා රජයේ ආදායම අඩුවී ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න