අලියට එක්වන රාජිතට ඉහළ පුටුවක් !

අලියට එක්වන රාජිතට ඉහළ පුටුවක් !

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනු ඇති බවත් ඒ අනුව එජාප ප්‍රතිසංවිධානය යටතේ ඔහුට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් හිමිවනු ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේම ඔහුව එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායකවරයා ලෙස පත් කෙරෙනු ඇති බවත් එම ආරංචිමාර්ග කියා සිටියි.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීමට යෝජනා වී තිබෙන බව 'නෙත් නිව්ස්' ද අනාවරණය කර සිටියි.

එහෙත්, ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවීම හේතුවෙන් පක්ෂ ව්‍යවස්ථාව අනුව ගැටලූවක් පවතින බවත් එම ගැටලූව නිරාකරණය කිරිම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ඇති බවත් එම පුවත් අනාවරණයේ වැඩිදුරටත් සඳහන් වේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පසුගියදා ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විශාල දායකත්වයක් ලබා දුන් අතර ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීමට යෝජනා වී ඇත්තේ එම සේවය සැලකිල්ලට ගනිමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න