මැයි 8දා ආණ්ඩුව අවසන් ????  ; ඒකාබද්ධය බ්‍රිතාන්‍ය සම්ප්‍රදායක එල්ලිලා !

මැයි 8දා ආණ්ඩුව අවසන් ????  ; ඒකාබද්ධය බ්‍රිතාන්‍ය සම්ප්‍රදායක එල්ලිලා !

නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කර ආණ්ඩුව පෙරලන බවට එකාබද්ධයේ ඇතැමුන් කරන ප්‍රකාශ මුළුමනින්ම පදනම් විරහිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශිරාල්  ලක්තිලක අවධාරණය කර සිටියි.

නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ විසින් දේශපාලන මෙහෙයුමක්‌ ආරම්භ කර ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

නව සැසිවාරය මැයි 8 වැනිදා ආරම්භ වන අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
මීට පෙර 1960 දී රාජාසන කතාව පරාජයට පත්වීම නිසා එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්‌වන්නට සිදුවිය.

මෙම කාරනා සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' වෙත 'වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ ලක්තිලක  මෙසේද පැවසිය.

'' රාජාසන කතාව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ලක්ෂණයක්. අපි 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග අපි එම බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ ඇතැම් කරුණු බැහැර කළා. රාජාසන කතාවට අදාල කරුනුත් ඒ අතර වෙනවා.

එනිසා රාජාසන කතාව කතාවක් පැරදුනා කියලා ආණ්ඩුව ඉවත්විය යුතු බවක් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ . එම රාජාසන කතාවෙන් පසුව ඡන්ද විමසීමක් ගැන අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල කොතනකවත් සඳහන් වන්නේත් නැහැ. 

අනෙක නව සැසිවාරයක් ආරම්භකරන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කතාවක් කිරීම අනිවාර්යත් නැහැ. ඕනනම් එදාට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් නොකර ඉන්නත් පුළුවන්. 

එනිසා රාජාසන කතාවක් ගැන ඒකාබද්ද විපක්ෂයේ ඇතැමුන් කරන ප්‍රකාශ ඔවුන්ගේ තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න