මහින්දානන්ද හිරේ යන්න ඕන හේතුව රාජිත කියයි

මහින්දානන්ද හිරේ යන්න ඕන හේතුව රාජිත කියයි

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා හිරේ යැවිය යුත්තේ කැරම් බෝඩ් සිද්ධියට නොවන බවත් ඔහුව හිරේ යැවිය යුත්තේ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසමට සිදුකර ඇති පැමිණිල්ලට අදාලව බවත් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා හිරේ යැවිය යුත්තේ කැරම් බෝඩ් සිද්ධියට නොවන බවත් ඔහුව හිරේ යැවිය යුත්තේ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසමට සිදුකර ඇති පැමිණිල්ලට අදාලව බවත් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වන අතර රුපියල් එක්දහස් දෙසියක පඩියකට ආපු සේල්ස්මන්ට අද එංගලන්තයේ බැංකුවල ස්ටර්ලින් පවුම් ගිණුම් තියෙන්නේ කොහොමද? යනුවෙන්ද එහිදී අමාත්‍යවරයා ප්‍රශ්න කර ඇත.

එසේම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ වත්කම් ඉපයීම සැකසහිත බව පෙන්වා දෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ "ලංකා බැංකුවේ ඩොලර් ගිණුම් තියෙන්නේ කොහොමද?, වතුපිටි 10ක් විතර අරගෙන තියෙන්නේ කොහොමද කියලා එයාගේ නෝනයි අල්ලස් එකට පැමිණිලි කළේ. අනික මහින්දානන්ද එයාගේ නෝනට ලක්ෂ 50ක මාසික වන්දියක් දෙන්නේ කොහොමද? එතකොට එයාගේ ආදායම කොච්චරද?? රුපියල් 1200 මාසික ආදායමක් ලබපු කෙනා එයාගේ නෝනට රුපියල්

ලක්ෂ 50ක මාසිකව වන්දි ගෙවන්න එයාගේ ආදායම් උපයපු විදියයි හොයන්න ඕන" යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා බන්දුම්කරයේ චුදිතයන්ට පොදු දේපළ පනත යටතේ තවම ඇප ලැබී නොමැති නමුත් පසුගිය ආණ්ඩුවේ වංචා දුෂණයන්ට සම්බන්ධ පාර්ශව හිරේ ගියත් හැරෙන තැපෑලෙන් ආපසු එන බවත් එම ක්‍රියාවලිය මොකක්ද යන්න  ප්‍රශ්නයක්  බවද සඳහන් කර ඇත.
ගාමිණී සෙනරත්ට ඇප දුන්න විදිහත් ප්‍රශ්නයක් !

තවද ගාමිණි සෙනරත්ට ඇප ලබාදෙන විට රක්ෂණ සංස්ථාව පෞද්ගලික ආයතනයක් ලෙස හැඳින්වූ නමුත් එය පෞද්ගලික ආයතනයක් නම්  රජයේ විගණකාධිපති එම ආයතනය  විගණනය කරන්නේ කොහොමද යන්න අවධානය යොමුකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමෙන්ම බැදුම්කරයේ චූදිතයන්ට පොදු දේපොළ පනත මත තවම ඇප ලැබී නොමැති නමුත්  ඇප පසුගිය ආණ්ඩුවේ හොරු යන තැපෑලෙන් ආපහු එන තත්ත්වයක් තිබෙන බවත් එම ක්‍රියාවලිය සම්බන්ධවම ප්‍රශ්නයක් ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න