පුංචි ජන්දයට දිනයක් නෑ : කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි !

පුංචි ජන්දයට දිනයක් නෑ : කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි !

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මෙතෙක් දිනයක් නියම කර නැති බවත් මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා වහාම දිනයක් නියම කරන බවත් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් තබන්නැයි ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයකු ගොනු කෙට ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙනන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දැනුම්දීම සිදුකළේය.

පෙත්සම කැඳවනු ලැබු අවසස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සැප්තැම්බර් මස 04 වැනිදා සළකා බැලීමට දින නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

විශ්‍රාමික යුද හමුදා කර්නල් WMR විජේසුන්දර ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතු`ථ පිරිසක්නමම් කොට ඇත. පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් කරුණු ඉදිරිපත් කරමින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා දිනයක් නියම කර නැතැයි පැවසීය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් වහාම මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන බව ජනාධිපති නීතීඥ සාලිය පීරීස් වැඩිදුරටතත් දැනුම් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න