මහජන තැන්පතු ගැන මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් !

මහජන තැන්පතු ගැන මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සමග ඉදිරියට යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී මහජනතාවගේ තැන්පතු වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධවත් මහ බැංකුව සහතික වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්ය.

මහ බැංකුවේ ප්‍රධාන අරමුණු වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බව සහතික කරන බවත් මහජන තැන්පතුවල ආරක්ෂාවක් තහවුරු කරන බවත් ඔහු එහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න