ආන්දෝලනාත්මක අපරාධ රැසක : අදිසි හස්තය ළඟදීම අත්අඩංගුවට

ආන්දෝලනාත්මක අපරාධ රැසක : අදිසි හස්තය ළඟදීම අත්අඩංගුවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත්  එක්නැලිගොඩ අතුරුදහන් කරවීම , වැලිකඩ බන්ධනාගාරයේ  ඝාතන 27, කීත් නොයාර් මාධ්‍යවේදියාට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය ඇතුළුව රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීම් ගණනාවක් වෙනුවෙන් නියෝග නිකුත්ව තිබෙන්නේ  එක් පාර්ශවයකින් බව අනාවරණය වී ඇතැයිඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත්  එක්නැලිගොඩ අතුරුදහන් කරවීම , වැලිකඩ බන්ධනාගාරයේ  ඝාතන 27, කීත් නොයාර් මාධ්‍යවේදියාට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය ඇතුළුව රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීම් ගණනාවක් වෙනුවෙන් නියෝග නිකුත්ව තිබෙන්නේ  එක් පාර්ශවයකින් බව අනාවරණය වී ඇතැයිඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සිදුවීම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇති අතර  මෙම සිදුවීම් සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බවත් විමර්ශන කටයුතු ප්‍රමාදවීමට එය හේතුවක් බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

කෙසේ වුවත් ඉහත අපරාධ සම්බන්ධව මේ වන විටත් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ ප්‍රකාශ හරහා අනාවරණයවී ඇති කරුණු අනුව අදාළ නියෝග නිකුත් කළ පාර්ශවය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් අදාළ අපරාධ සම්බන්ධව නෛතික ක්‍රියාවලිය ඉතා සුක්ෂමව සිදුකරන අතර එය දේශපාලනීකරණය වීමට වැඩි ඉඩක් පවතින බැවින් නිශ්චිත සාක්ෂි ගොනුකිරීමෙන් පසුව අදාළ අධිකරණ නියෝගය ලබා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහසවී ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න