ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
වාර්තා වන ආකාරයට ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වු අතර එහිදි නව සාමාජිකයින් සඳහා අනුමැතිය හිමිව ඇත.
නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති අතර එම නම් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ දිනයේ දීම යොමුකර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වන විට ජාතික ප්‍රසම්පාදන, මුදල්, විගණන, අධිකරණ හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන තිබේ.
නමුත් මැතිවරණ, අල්ලස් හෝ දුෂණ සහ සීමා නිර්ණය යන කොමිෂන් සභා සඳහා මෙතෙක් නව සාමාජිකයින් පත් කර නොමැත.
කෙසේ වුවත් මීට පෙර කතානායකවරයා පවසා තිබුනේ මෙම සතිය තුළ දි සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
