සීනි මිල නැගීම අවුලක් !

සීනි මිල නැගීම අවුලක් !

වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වන අතර ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.

එසේම තිරිඟු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%කින් පමණ පහළ ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

එවැනි තත්ත්වයක් යටතේ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න