Image

කතානායක විශ්වාසභංගය හදා දුන්නොත් එන 03 දා විවාදයට - සංශෝධනයට විපක්ෂය අකමැති වෙයි

කතානායක විශ්වාසභංගය හදා දුන්නොත් එන 03 දා විවාදයට - සංශෝධනයට විපක්ෂය අකමැති වෙයි

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව නඩු කටයුතුවලට බාධා වන බව කියන කොටස් ඉවත් කර බාරදුනහොත් ලබන 3 වැනිදා අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

එහෙත් විපක්ෂය පවසන්නේ යෝජනාවේ නඩු කටයුතුවලට බාධා වන කිසිවක් අන්තර්ගත නොවන හෙයින් එය සංශෝධනය කිරීමට එකඟ නොවන බවයි. මේ අතර පාර්ලිමේන්තුව ලබන 03 වැනිදා සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පැවසුවාය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22කි. එකේ සිට හය දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාය.

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා නොවැම්බර් 04 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉන්පසු පෙ.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනේ.

ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් නොවැම්බර් 5 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමටද මෙහිදී තීරණය වී ඇත.

පෞද්ගලික මන්ත්‍රී යෝජනා නොවැම්බර් 6 සිකුරාදා පෙ.ව.11.30 සිට පෙ.ව. 5.00 දක්වා විවාදයට ගැනීම සඳහා කාලය වෙන්කර ඇත.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න