සජිත්‍ට එරෙහිව විනය පරීක්ෂණයක් : ෆවුසිගේම ඉල්ලයි !

සජිත්‍ට එරෙහිව විනය පරීක්ෂණයක් : ෆවුසිගේම ඉල්ලයි !

සමඟි ජනබලවේගය චෝදනා පත්‍රයක් ලබා දිය යුත්තේ තමන්ට නොව පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසයි.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවට ප්‍රකාශ කර ඔහු ඊට පක්ෂව ඡන්දය නොදීම හේතුවෙන් එසේ විනය ක්‍රියා මාර්ගයක් ගතයුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ වැඩි ඡන්ද 95කිනි.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 හිමි වු අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 25 පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසිද එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ඒ, එම යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබූ පසුබිමකය .

ඒ අනුව, එච් එම් ෆවුසි මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට සමඟි ජන බලවේගය තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවය.

කෙසේ වුවත් ඇතැම් සජබ මන්ත්‍රීවරුන් පවසන්නේ රටේ තීරණාත්මක කරුණකදී පමණක් නොව පක්ෂයේ විනය සම්බන්ධයෙන් වන කාරණයකදී පවා සෘජු තීන්දු තීරණ ගැනීමට පක්ෂ නායකත්වය අසමත් හෙයින් තමන්ද සමාජය හමුවේ හාස්‍යට ලක්වෙමින් තිබෙන බවයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න