ආණ්ඩුකාරවරුන් 2කට : ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේදී දැඩි විරෝධතා !

ආණ්ඩුකාරවරුන් 2කට : ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේදී දැඩි විරෝධතා !

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ගේ දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත .

එහිදී මෙලෙස දැඩි විරෝධයක් එල්ලව ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ට බවත් දැනගන්නට ඇත .

මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා බස්නාහිර හා වයඹ පළාත්වල හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවට මන්ත්‍රීවරුන් චෝදනා කර ඇති බවත් වාර්තා වෙයි .

මෙහිදී අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන මන්ත්‍රීන් රුසක්ම කරුණු දක්වා ඇති අතර මධුර විතානගේ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ඩී. වීරසිංහ, ඩී.බී. හේරත්, ජයන්ත කැටගොඩ යන මැති ඇමතිවරුන් ඒ අතර වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු නාගරික කොමසාරිස්වරුන් පත්කිරීමේදී එක් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන, රජයේ ප්‍රධාන පෙළේ නිල රාජ්‍ය උත්සවයකට ආණ්ඩුවේ නිලධාරීන් සහභාගි වීම වැළැක්වීමට තවත් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන ද චෝදනා නැගූ මන්ත්‍රීන් සාක්ෂි සහිතව කරුණු දක්වා ඇතැයි ද වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු මේ අයගෙන් එක්තරා ආණ්ඩුකාරවරයකු අමතා රජය වෙනුවෙන් කිසියම් රාජකාරිමය උපදෙසක් ලබා දුන් විට ආණ්ඩුකාරවරයා මට ඔය උපදෙස් වැඩක් නැතැයි ප්‍රතික්ෂේප කළ බවටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත .

එම සිද්ධියට මුහුණදුන් ජනාධිපති උපදේශකවරයාද ඒ මොහොතේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේ රුඳී සිටි බව සඳහන් අතර ඒ ආශු මාරසිංහ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මේ ප්‍රධාන චෝදනාවලට අමතරව මෙම ආණ්ඩුකාරවරුන් සම්බන්ධව තවත් අතුරු චෝදනා ගණනාවක් සම්බන්ධව මන්ත්‍රීවරු කරුණු දැක්වූහ.

අවසානයේ ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත්තේ මේ ගැන තවදුරටත් කරුණු විමසා තීන්දුවක් ගන්නා බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න