හිටපු නීතිපති දප්පුලට අතුරු තහනම් නියෝගයක්

හිටපු නීතිපති දප්පුලට අතුරු තහනම් නියෝගයක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා  අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අවස්ථා 03 කදී පැමිණිනෙන්නැයි ඒ මහතාට දැනුම් දී තිබිණ.

ඊට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා අභායාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා  සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර යන අය පෙනී සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න