ඒ පාර ආයෙත් ජාතික ආණ්ඩුවක් : මනෝ දේශපාලනය රත්කරයි !

ඒ පාර ආයෙත් ජාතික ආණ්ඩුවක් : මනෝ දේශපාලනය රත්කරයි !

ජනාධිපතිවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් සිදුකිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

මේ වන විටත් තමා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේදී තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවත් මීට පෙර මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සජබ අතර දේශපාලන සන්ධානයක් ඇතිකර ගැනීම සම්බන්ධව තමන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මැදිහත්ව සිටියත් ඊට සජබ නායකත්වය වෙතින් ලැබුණු සෘණාත්මක ප්‍රතිචාරය හේතුවෙන් එය අත්හැර දැමුණු බවය.

එම සාකච්ඡාවලදී අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පිරිනැමීමේ සූදානමක් ගැනත් මාධ්‍ය වාර්තා පළවුවත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කර නිවේදනයක්ද නිකුත්කර තිබිණ.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ IMF ගිවිසුම ඇතුළු ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගන වැඩපිළිවෙල සඳහා සහය ලබාදීමට එකඟ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ කිහිපදෙනෙකුගේ බලපෑම මත ඒ සඳහා ඉදිරිපත්වීමට පසුබටව සිටින මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්කර ගැනීම වෙනුවෙන් යළිත් වරක් ජනාධිපතිවරයා වෙතින් මෙවැනි ජාතික ආණ්ඩු යෝජනාවක් ඉදිරිපත් වනු ඇති බවය.

එසේම මේ වන විට රටේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව ජනතාව අතර අප්‍රකාශිත ප්‍රසාදයක් පැහැදිළිව නිරීක්ෂණය වන බවත් මේ ආකාරයට ඉදිරි කාලය තුළද සාර්ථක ලෙස ආර්ථිකය හසුරවන අතර ජනතා පීඩනය අවම කිරීමට කටයුතු යෙදුණහොත් රටේ පැහැදිළි ස්ථානයක් ජනාධිපතිවරයා වෙත ලැබීම වළක්වාලිය නොහැකි වනු ඇති බවත් විචාරක මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න