විරැකියාවෙන් පෙළෙන තරුණයන් එළු පාලනයට !

විරැකියාවෙන් පෙළෙන තරුණයන් එළු පාලනයට !

රැකියා විරහිත තරුණයන් වෙනුවෙන් මෙම වසරේ එළුවන් 70,000ක් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

ලංකාවෙි එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි.

එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගැනීමට ද හැකියාව පවතී.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබෙි.

මීට කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.

ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.

ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන එළු විශේෂ මේ යටතේ බෙදාදීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න