රිලා ප්‍රේමීන්ට ගොවීන්ගෙන් යෝජනාවක් !

රිලා ප්‍රේමීන්ට ගොවීන්ගෙන් යෝජනාවක් !

රිලවුන් විදේශයන් වෙත යැවීමට විරුද්ධ පිරිස් වෙත රිලා ක්‍රියාකාරකම් හේතුවෙන් දාඩි පීඩාවන්ටපත් ගොවීන් විසින් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ රිලවුන් විදේශයන් වෙත යැවීමට විරුද්ධ පිරිස් විසින් වගාවන්ට ඉමහත් හානි පමුණුවන රිලවුන් කුඩා රංචු වශයෙන් භාරකාරත්වය ගැනීමය.

ඒ සඳහා එකඟ නම් අවශ්‍ය රිලා රංචු කොටුකර දීම සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට තමන්ද සූදානම් බවත් එම ගොවීන් පවසයි .

කොළඹ සිට සත්ව ප්‍රේමය සහ කෘෂිකර්මය ගැන නංදොඩවන කිසිවකු තමන් මුහුණදී සිටින අර්බුදය සම්බන්ධයෙන් සංවේදී නොමැති බවත් ඔවුන් පවසයි .

මේ සම්බන්ධයෙන් ගොවි මහතකු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

" ඔය පරිසරවේදින් , සත්වවේදින් එක්කො අපේ යෝජනාවට එකඟ වෙන්න ඕන . ඔය රිලා ප්‍රේමය තනිකරම ප්‍රෝඩාවක්. ඇයි රිලවුන් ගැන තියෙන කැක්කුම අනිත් සත්තු ගැන නැත්තේ ? ඇයි අපිට සිදුවෙන වගා හානිය ගැන නැත්තේ ? එක රංචුවක් ඇවිත් මාස ගාණක් තිස්සේ අමාරුවෙන් ගොඩදාපු හේන් වගා ටික වනසනවා. එක ඩිංගක් ඉතුරු කරන්නේ නෑ . සමහර ලොකුරංචු ගමක් පිටින් විනාශ කරනවා. ඒ දේවල් විනාශ කරාට පස්සේ වියලි සහනාධාර ඇතිළු හාල් තුනපහ ටික උස්සන්න ගෙවල් වලට පණිනවා. අපි කාලයක් තිස්සේ මේ ගැන පැමිණිලි කරන්නේ . ඒත් විසඳුමක් ලැබුණේ නෑ . දැන් සැනසීමක් ලබන්න ආරංචියක් ආවහම කොහේද හිටපු රිලා ප්‍රේමීන් ටිකක් මැදට පැනලා. ඒ නිසා ඒ උදවියට රිලා වාසයට ඉඩදීලා අපි වගා කටයුතු කරන්න රිලා වදයට විසඳුමක් දෙන්න. අපේ වගා අපේ අස්වනු රිලව් කෑවහම ඒ පාඩුව අපිට, පීඩාව අපේ අඹු දරුවන්ට මිසක් ඔය කාටවත් නෙවෙයි "

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න