බදු ආදායම ඉහළට !

බදු ආදායම ඉහළට !

මෙම වර්ෂයේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් උපයා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් උපායා ඇති බවය.

එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න