රට මාරකයෙන් ගැලවූවාට : IMF වෙත කිරිඇල්ලගෙන් දොස් !

රට මාරකයෙන් ගැලවූවාට : IMF වෙත කිරිඇල්ලගෙන් දොස් !

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .

එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් වැරැද්දක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන් උදව් කරන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත ජනවරමක් සහිත ආණ්ඩුවකට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි රටම බලාපොරොත්තු වූ බවද ඔහු සඳහන් කර ඇත .

එසේම වර්තමාන ආණ්ඩුව ජනවරමක් නොමැතිව රාජ්‍ය ආයතන විකිණීමෙන් සේවකයන් අතර නොසන්සුන්තා ඇතිවී රට ලේ විලක් බවට පත්විය හැකි බවද මන්ත්‍රීවරයා පවසයි .

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා ඇත්තේ ඉරිදා ලංකාදීප පුවත්පත වෙතය.

දැන් විපක්ෂය මරු කියවනවා !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂයේ පාර්ශ්ව වෙතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පළවෙමින් ඇති වෛරී ප්‍රකාශ IMF හී මූල්‍ය සහය ලැබීමත් සමග ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් ඇරඹි ඇති බවට සංඥාවක් බවයි.

මේ වන විට ආණ්ඩුවේ වැඩපිළිවෙළ විපක්ෂයේ සිටින ආර්ථික ඔස්තාද් ලා ගේද පැසසුමට ලක්ව ඇති බවත් ඒ හරහා සටන් පාඨ අහිමිව මරු කියවන අසරණ තත්ත්වයකට විපක්ෂයේ කොටස් පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට ජනවරමක් අවශ්‍ය නොවන බවයි. මේ වන විට අවස්ථාවාදී වෘත්තීය සමිති කිහිපයක් හැරුණු විට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුව නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම IMF මූල්‍ය සහය නොලැබෙන්න ලංකාව මාස කිහිපයක් තුළ අමු සොහොනකින් අවසන් වීමට නියමිත ඉරණමකට මුහුණදී සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රැඩිකල් තීන්දු තීරණ හේතුවෙන් එම තත්ත්වය සමනය වූ බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කර දක්වයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න