Image

ශෂී වීරවංශට එරෙහි නඩුව ජුලි 24ට කල් යයි

ශෂී වීරවංශට එරෙහි නඩුව ජුලි 24ට කල් යයි

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට  හිටපු ඇමැති විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන  ජූලි මස 24 වන දා  යළි කැඳවන ලෙස කොළඹ අතිරේක  මහේස්ත්‍රාත්  ලියාන් වරුස විතාන අද (25) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර සිටින  ශෂී විරවංශ විවෘත අධිකරණයේ පෙනී සිටියා ය.

මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය  පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බව සැකකාර විවංශ වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කලේ ය.

එමෙන්ම සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එම ප්‍රෙව්ශය ලබා දෙන ලෙස ද නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම නඩුවේ  සාක්ෂි වශයෙන් ලබා ගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවකාශ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට සිය ස්ථාවාරය දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න