පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය දැනුම දෙන්න තීන්දුවක් !

පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය දැනුම දෙන්න තීන්දුවක් !

පාසල් සිසුන්ගේ පෙළපොත් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු කමිටුව විසිනි.

අදාල කමිටුවට ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අදාළ ආයතන වල නියෝජිතයන් නම් කරන ලෙසද ඇය එහිදී උපදෙස් දී තිබේ.

මෙම කමිටුව මාස තුනක් ඇතුළත සිය කාර්යය අවසන් කළ යුතු බවද සභාපතිනිය සඳහන් කළාය.

මෙහිදී වයස අවුරුදු ද 16 සපිරූ පාසැල් සිසුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දී ඇත.

නමුත් දරුවන්ගේ මනසට ගැලපෙන ලෙස කුඩා කල සිටම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමට කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව ද කමිටුව පෙන්වා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න