IMF වැඩසටහනේ පසු විපරම සඳහා කමිටුවක් !

IMF වැඩසටහනේ පසු විපරම සඳහා කමිටුවක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාවලිය සම්බන්ධව සොයාබලා වාර්තා කිරීම සඳහා පසු විපරම් කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත .

ඒ සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයන් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වතුන් පිරිසක් පත්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී ඊට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .

එසේම අදාළ කමිටුව විසින් IMF ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවටද ජනාධිපතිවරයා උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි .

ඊට අමතරව අයි.එම්.එෆ් කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැනද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතු බවද සඳහන් ය.

දුෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසකට වරක් මෙම කමිටුව විසින් ඇමති මණ්ඩලය දැනුම්වත් කළ යුතු බවද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුව වෙත දුන් උපදෙස්වල සඳහන් බවද දැනගන්නට ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න