ස්වීඩන රජය සම්මානයෙන් පිදූ සමාජ ක්‍රියාකාරී සහ අතුරුදන් වූවන් වෙනුවෙන් සිය කාලය සහ ශ්‍රමය කැප කළ බ්‍රිටෝ ප්‍රනාන්දු පසුගිය දා රද්දොළුගම අතුරුදන්වූවන් ගේ ස්මාරකය අසල දී උත්සවශ්‍රීයෙන් ගත්තේ ය.
මෙම අවස්ථාව වෙනුවෙන් අතුරුදන්වූවන් ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් සමාජ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්වූහ.
බිටෝ ප්‍රනාන්දුට එම සම්මානය හිමි වූයේ අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් ම Families of the Disappeared (FoD) සංවිධානය පිහිටුවමින් විශාල මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙනි. අදාළ සම්මානය වෙනුවෙන් ඔහුව නිර්දේශ කර තිබුණේ Diakonie Deutschland සංවිධානය යි.
මෙම සම්මානය පිරිනමන ලද්දේ ස්වීඩනයේ සංස්කෘතික අමාත්‍ය Parisa Liljestrand මහත්මිය විසිනි.
බිටෝ ප්‍රනාන්දු ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වන “ආදරණීයයන්ට කුමක් වීදැයි නොදැන ජීවත් වීම තරම් වේදනාවක් තවත් නැත” යන ප්‍රකාශය මෙම අවස්ථාවේ ද ඔහු විසින් සිහිපත් කරන ලදී.
මෙම සම්මානය බිටෝ ප්‍රනාන්දු මහතාට පමණක් නොව ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් ගේ පවුල්වල අඛණ්ඩ අරගලයට ලැබුණු ගෝලීය පිළිගැනීමක් යැයි මානව හිමිකම් ප්‍රජාව පෙන්වා දෙයි.
මූලාශ්‍ර - lankanewsweb




ඡායාරූප අජිත් සෙනවිරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
