ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි ගමන නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි ගමන නිම කරයි

සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද(01) උදෑසන අභාවප්ප්‍රාප්ත වී තිබේ.

1940 සැප්තැම්බර් 20 නුවරදී උපත ලබා ඇති ඒ මහතා මියයන විට වයස අවුරුදු 83 වන වියේ පසු විය.

සිංහල සිනමාවේ වෙනස්ම ආකාරයේ පෙම්වතෙක් ලෙස පැවති සම්ප්‍රදාය කණපිට පෙරළු නළුවෙක් ලෙස ප්‍රකට ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.

ඔහු "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල" යන චිත්‍රපටවල රඟපෑ අතර "අහස් ගව්ව" චිත්‍රපටයේ රංගනයෙන් ඉතා ජනප්‍රියත්වයට පත් විය.

"බඹරු ඇවිත්" හි සනත්, "පොඩි මල්ලි" හි බර්ටි, "අනූපමා" හි රජී අයියා, "අපේක්ෂා" හි නිමල්, "පරිත්‍යාගය" හි ධානප්‍රේම, "සිංහබාහු" හි සිංහබාහු, "යස ඉසුරු" හි සුරංග, "පෙම් රජ දහන" හි සාජන්ට් ජයතිලක සහ "වජිරා" හි නිමල් වැනි චිත්‍රපටවලින් ඉහළම ජනප්‍රියත්වයට පත් ඔහු සිංහල සිනමාවේ කිසිදින අමතක නොවන චරිතයකි.

දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වන ඔහුට 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර මේ වසරේ දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලං අයියා වෙනුවෙන් පුද කර ඇති අතර 2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලද්දේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න