ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ නිල සාකච්ඡාවකට පැමිණෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියකින් දැනුම් දී ඇත .
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවට පළවූ වාර්තා පනදම් කර ගනිමිනි .
ක්‍රිකට් පමණක් නොව මෙරට සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන කටයුතු සඳහා දේශපාලන ඇගිලි ගැසීමක් සිදුව නොමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කර සිටියි.
ඒ අනුව මේවනවිට වාර්තා පළ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇගිලි ගැසීම් ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් අතර නිල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
