ජන්දයට සල්ලි දෙන්නත් අනුර සූදානම් !

ජන්දයට සල්ලි දෙන්නත් අනුර සූදානම් !

පළාත් පාලන මැතිවරණට මුදල් නැතැයි ආණ්ඩුව තවදුරටත් පවසන්නේ නම් තම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

පළාත් පාලන ආයතන නියෝජිතයන් අට දහයේ සිට හාරදහස දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවත් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ප්‍රශ්නය බාධාවක් ලෙස පවසන පවසමින්නේ නම් ඊට විසඳුමක් ලෙස මන්ත්‍රී දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ද මන්ත්‍රීවරයා පවසයි .

සත්‍ය වශයෙන්ම මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා වැඩි නම් ඔවුනට ලබා දෙන සියලු දීමනා හරි අඩකින් අඩු කරන්නයි තමන් යෝජනා කරන බවද පැවසූ අනුර දිසානායක මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ගේ සියලු දීමනා සියයට 75 කින් කපා හැරීමෙන් ද ආණ්ඩුවට මුදල් ඉතිරි කරගත හැකි බවද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න