පුද්ගලයෙකු, මෙරට නිෂ්පාදනය කළ සිංහල චිත්රපටි සිය පෞද්ගලික සමාජ මාධ්ය ගිණුම්වල පළ කිරීම සම්බන්ධයෙන් චිත්රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (09) මොරටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රසිත ජිනසේන පවසා සිටියේ, මෙය අපරාධමය වරදක් වන බවත් මේ සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගන්නේ නම් අදාළ පාඩුව එම වංචාව සිදුකළ පුද්ගලයාගෙන් අයකර ගැනීමට හැකියාව ඇති බව ය.
කෙසේවෙතත් සැකකරු කොරළවැල්ලේ පදිංචි 18 හැවිරිදි අයෙකු වන බැවින් දෙපාර්ශ්වයේ ම එකඟතාව මත අදාළ තරුණයාට පොලීසියෙන් දැඩි ලෙස අවවාද කර සිද්ධිය සමතයකට පත්කර ඇත.
මෙම පුවතට අදාළ වීඩියෝව නරඹන්න පිවිසෙන්න - මෙතනින්

සටහන - nandula silva
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
