අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාගෙනුත් අයදුම්පත්‍රයක් !

අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාගෙනුත් අයදුම්පත්‍රයක් !

අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පැවසීය.

මැතිවරණ නීතියට අදාළව තමා ඇතුළු වර්තමාන කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණෙන් යුතුව අයදුම්පතක් මෙලෙස යොමු කළ බව පැවසූ හෙතෙම මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලා සිටි බවද ප්‍රකාශ කළේය.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමාද අයදුම් කළ බව සීමානිර්ණ කොමිෂන් සභාවේ වර්තමාන සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා පැවසීය.

මැතිවරණ කොමිසමට අමතරව සීමා නිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහාද දේශප්‍රිය මහතා අයදුම්පතක් යොමු කරනු ලැබ ඇත.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට ලබන සතියේදී කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත් 1600කට ආසන්න සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලැබී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න