මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දී ඇත.

පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුද්‍රණාලයාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා තබා ගැනීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අනතුරුව පෙත්සම් විභාය මැයි 26 වන දා ආරම්භ කිරීමට ද විනිසුරු මඩුල්ල දින නියම කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න