ජනාධිපති ලන්ඩනයේදී සමාජ මාධ්‍ය පතුරු ගසයි

ජනාධිපති ලන්ඩනයේදී සමාජ මාධ්‍ය පතුරු ගසයි

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රකාශනයන්හි පළ කෙරෙන ප්‍රවෘත්ති වලින් 75% කටත් වැඩි කොටසක් සත්‍යයෙන් තොර බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින ජනාධිපතිවරයා අඟහරුවාදා (අප්‍රියෙල් 17) එම ප්‍රකාශය කළේ, ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් හමුවේ අදහස් දක්වමිනි.

"අන්තර්ජාල ප්‍රකාශනවල පළ කෙරෙන ප්‍රවෘත්ති අතරින් පැහැදිලි ලෙසම 75%කට වඩා තියෙන්නේ සත්‍යයෙන් තොර දේවල්" ජනාධිපතිවරයා කියා සිටියේය.

පසුගියදා මහනුවර සිදු වූ සිංහල මුස්ලිම් ගැටුම් පවා අසත්‍ය ප්‍රචාර මත පදනම්ව සිදු වූ එකක් බව ජනාධිපතිවරයාගේ විග්‍රහය විය.

ඇමරිකා එක්සත් ජනපදයට පවා සමාජ වෙබ් අඩවි බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහනුවර ගැටුමේ දී ශ්‍රී ලංකා රජය සමාජ මාධ්‍ය වසා දැමීමට ගත් තීරණය "විශාල විනාශයක්" වැළැක්වීමට හේතු වූ බවත් පෙන්වා දුන්නේය.

"මේවා අපි කරන කොට, සමහර තානාපතිවරුන්ට ලොකු අමාරුවක් හැදුනා. සමහර විදේශීය තානාපතිවරු තමන්ගේ සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. නමුත් අපි සැලෙන්නේ නැතිව ගන්න තිබුණ තීන්දුව ගත්තා" මහනුවර ගැටුම් පවතිද්දී සමාජ මාධ්‍ය ජාලය පාලනය කිරීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

landon 1000px"සත්‍යය යටපත් කර අසත්‍යය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම" රටේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ඒ අතරම, රට තුළ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව නිවැරදි තොරතුරු රටේ ජනතාව අතරට ගලා නොයන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ඇතැම් මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍යය යටපත් කරමින් අසත්‍යය ඉස්මතු කිරීමට උත්සාහ දැරීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇතැයි සඳහන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රටේ සියලු ක්ෂේත්‍ර සඳහා වත්මන් රජය යටතේ හිමිව ඇති නිදහස ඔවුන් නිසි අයුරින් අවබෝධ කර ගෙන නොමැති බවත් සඳහන් කළේය.

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න