ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීම සඳහා සහයෝගය දැක්වීමට ප්‍රංශ රජය එකඟතාවය පළකරයි.
ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ අද(01) දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ප්‍රංශ තානාපතිවරයා එම එකඟත්වය පළකර තිබේ.
ප්‍රංශ - ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීම වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
