මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මෙරට පුරවැසියන් 1000කට අපේක්ෂකයන් 04 දෙනෙකු බැගින් නියෝජනය වන බව මැතිවරණ කොමිසම හරහා වාර්තා වෙයි .
ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80720 දෙනකු තරග කරන බවයි .
දේශපාලන පක්ෂ 58ක් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් එම පිරිස තරග කරන බව ද ඔහු පවසයි .
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ කල්මුනේ නගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 339 සඳහා එම මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව බැලීමේදී රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව සැසදීමේදි මෙවර මෙරට පුද්ගලයින් 1000කට අපේක්ෂකයින් 04 දෙනෙකු නියෝජනය වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
