කෙරුම් ඉවරයි : උපයෝගීතා කොමිසමේ සභාපති දණ ගහයි !

කෙරුම් ඉවරයි : උපයෝගීතා කොමිසමේ සභාපති දණ ගහයි !

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසකගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටියදී 2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇතැයි එහි සභාපති ජනක රත්නායක පවසයි .

එම තීරණ සිය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

විදුලිය බිල 65 % - 70% ත් අතර අගයකින් ඉහළ දැමීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

ඒ, ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කරන ලෙස දන්වමිනි.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගින් දිගටම අවධාරණය කළේ, එලෙස විදුලි ගාස්තු සංශෝධනයට අවසර දිය නොහැකි බවයි.

එහෙත්, විදුලි බල පනතේ දක්වා ඇති පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ගණනය කිරීම් කරන බව මහජන උපයෝගීතා කොමිසම මේ වන විට ප්‍රකාශ කරයි.

කෙසේ වුවත් මීට පෙර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිටියේ විදුලි බිල ඉහළ දැමීමට ගනුලැබූ තීන්දුවට එරෙහිව රජය දැඩි අපහසුතාවට පත්වෙන අන්දමට ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.