ජන්දයකට ලෑස්ති වෙන්න : ජනාධිපති රනිල් එජාපයට දන්වලා !

ජන්දයකට ලෑස්ති වෙන්න : ජනාධිපති රනිල් එජාපයට දන්වලා !

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසූයේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න