නාමයෝජනා කැන්සල් කරගෙන : වව්නියාවේ වාර්තාවක් !

නාමයෝජනා කැන්සල් කරගෙන : වව්නියාවේ වාර්තාවක් !

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා තරග කිරීමට පිළිගත් පක්ෂ හයක් සහ ස්වාධීන කණ්ඩායම් පහක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව වවුනියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පි.ඒ.සරත්චන්ද්‍ර පවසයි .

වව්නියාව පළාත් පාලන ආයතන වෙනුවෙන් දේශපාලන පක්ෂ 82ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කොට තිබූ අතර ඉන් පක්ෂ 77ක් සහ ස්වාධීන කණ්ඩායම් 17 නාමයෝජනා භාරදුන් බවත් ඔහු පවසයි .

වවුනියාව නගර සභාවට ප්‍රධාන පක්ෂ 14 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා ඇති අතර දෙමළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පෙරමුණ යන දේශපාලන පක්ෂ සහ එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව පැවසීය.

වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශිය සභාව සඳහා ප්‍රධාන පක්ෂ 15ක් සහ ස්වාධීන කණ්ඩායම් පහක් සුදුසුකම් ලබා ඇති අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සහ එක්සත් ජාතික සංධානය යන පක්ෂ වල සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව ප්‍රකාශ කළේය.

වවුනියාව උතුර නෙදුන්කේණි ප්‍රාදේශිය සභාවට පක්ෂ 12 සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පිළිගෙන ඇති අතර එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බවත් කීහ.

වවුනියාව වෙංගල චෙට්ටිකුලම ප්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 12 ක සහ ස්වාධීන කණ්ඩායම් හතරක නාමයෝජනා පිළිගෙන ඇති අතර පක්ෂ දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව පැවසීය.

වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාව සඳහා ප්‍රධාන පක්ෂ පහක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා ඉදිරිපත් කොට තිබූ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න