සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට (08) වසර 14ක් සපිරෙයි.
අද දින ඔහුගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පොදු සුසාන භූමියේ දී පවුලේ ඥාතීන් හා හිතවතුන්ගේ මූලිකත්වයෙන් ඔහු වෙනුවෙන් පුෂ්පෝපහාර සහ පහන් දල්වා සිහිපත් කිරීමක් සිදු කෙරිණි.
ඔහු ඇසුරු කළ හිතවතුන් සහ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සාමාජිකයින් ඇතුලු පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ.
එහිදී ප්‍රකට රංගවේදියෙකු වන පීටර් දී අල්මේදා, ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග අනුස්මරණය වෙනුවෙන් පැමිණ සිටි පිරිස ඇමතු අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මාධ්‍යට අදහස් දැක්වීමක්ද සිදු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
