Image

නව ජනතා පෙරමුණෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

නව ජනතා පෙරමුණෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ නීතිය සැමට එක සමානයි ලෙස දක්වා ඇති වගන්තිය උල්ලංඝණය වී ඇති බව පවසමින් නව ජනතා පෙරමුණ විසින් අද දින තලංගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු ඉහළ පෙලිස් නිලධාරින් කිහිපදෙනකු සම්බන්ධව පැමිණිල්ලක් බාර දෙන ලදී.

එහි දී මාධ්‍යට අදහස් දක්වමින් නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ සාමකාමි උද්ඝෝෂණයට ගොම, බිත්තර, ගල් වලින් පහර දෙමින් අවි ආයුධ පෙන්වමින් තර්ජනය කළ පුද්ගයින් ගේ ඡායාරූප හා වාහන අංක සහිතව පැමිණිලි ඉදිරිපත් කර තිබිය දී තලංගම පොලිසීය විසින් ඒ සඳහා තවම නීතිය ක්‍රියාත්මක කර නොමැති බවයි. WhatsApp Image 2026 05 05 at 3.29.13 PM 1

 

අද පොලිසීය ක්‍රියාත්මක වන්නේ පොලිස් ආඥා පනත අනුව හෝ අපරාධ නඩු විධාන පනත අනුව හෝ නොව පැලවත්තේ උපදෙස් අනුව බව ඔහු ප්‍රකාශ කර සිටියේය.. එසේම මෙම මැර පිරිස පැලවත්තේ ටිල්වින් සිල්වා මහතා විසින් මෙහෙය වු බවත් ඔවුන් නිදැල්ලේ සිටීම සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසගේ ජීවිත දැඩි අවධානමක පවතින බව ඔහු ප්‍රකාශ කර සිටියේය.Pelawatta Incident 1200x675px 28 04 26 1000x600 1

තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහුප්‍රකාශ කර සිටියේ ජ.වි.පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් ජනතාවට බලයට පැමිණිමට පෙර දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කර ගත නොහැකිව ආතතියෙන් පෙලෙමින් රටේ නැවත ඝාතන සංස්කෘතියක් ආරම්භ කරමින් සිටින බවයි. එය ඩ්‍රැන් ප්‍රියසාද්, හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක, වැලිගම සභාපති ලසන්ත, රංග රාජපක්ෂ යන අයගේ මරණ තුළින් මනාව පැහැදිලි වන බවයි.

එම අවස්ථාව සඳහා නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර ඇතුළුව කොළඹ දිසා නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන්, කොළඹ දිසා ලේකම් විකුම් කිත්සිරි, කොළඹ කාන්තා කටයුතු ලේකම් දීප්ති පෙරේරා,කොළඹ දිසා කාන්තා කටයුතු නියෝජ්‍ය ලේකම් දර්ශනි දොඩන්ගොඩ සහ විහාර කොට්ඨාස සංවිධායක සමන් කුමාර සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න