විපක්ෂනායකයාට විපක්ෂයේ බහුතරයක් නෑ : සම්පන්දන්ටත් විශ්වාසභංගයක් !

විපක්ෂනායකයාට විපක්ෂයේ බහුතරයක් නෑ : සම්පන්දන්ටත් විශ්වාසභංගයක් !

මැයි මස 8 වනදාට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂය වෙත ලබාදෙන ලෙස කතානායකවරයා වෙතින් ඉල්ලා සිටින බවත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් විපක්ෂනායක ආර්. සම්පන්දන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සුදානමක් තිබෙන බව වාර්තා වෙයි.

මේ වන විටත් විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කිරීම සිදුකරමින් තිබෙන බවත් එය කතානායකවරයාට භාරදීම හෝ නොදීම තීන්දුවන්නේ මැයි 08 වනදා ලැබෙන ප්‍රතිචාර අනුව බවත් දැනගන්නට ඇත.

අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාවට සහය පළනොකිරීම සහ අදාළ ජන්ද විමසීමේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ජන්දය ලබාදීම යන ප්‍රධාන චෝදනා යටතේ අදාළ විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කරන බවත් එහිදී විපක්ෂනායකවරයාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය නොමැති බවට යෝජනාවක්ද ඊට ඇතුළත් කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න