16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

අතිඋතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන් ස්වර්ගස්ථ වූ බව වතිකානය මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

ස්වර්ගස්ථ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95 කි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වතිකානයේ පිහිටි 16 වැනි බෙනඩ්ක්ට් ශුද්ධොත්තම පියතුමන්ගේ නිවස්නයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර 16 වන බෙනඩික්ට් පියතුමන් 2005 වසරේ සිට 2013 වසර දක්වා ශුද්ධෝත්තම පියතුමන් ලෙස කටයුතු කරනු ලැබීය.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ප්‍රකාශ කරමින් 16 වන ශුද්ධෝත්තම පියතුමන් 2013 වසරේදී ශුද්ධ වූ පාප් ධුරයෙන් විශ්‍රාම ගත්තේ ය.

ශුද්ධෝත්තම පියතුමෙකු එලෙස ස්වර්ගස්ථ වීමට පෙර සිය ධුරයෙන් විශ්‍රාම ලැබූවේ වසර 600කට පසු පළමු වතාවට ය.

අති උතුම් 16 වන බෙනඩික්ට් පියතුමන් 1927 වසරේ අප්‍රේල් මාසයේදී ජර්මනියේදී උපත ලැබූ අතර, වසර 480කට පසු ජර්මනියෙන් තේරී පත්වූ පළමු ශුද්ධෝත්තම පියතුමන් ලෙසද උන්වහන්සේ සැළකෙයි.

අද (31) උදැසන සාන්ත පීතර චතුරශ්‍රයේ සීනුව එක් වරක් නාද කරමින් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම නිවේදනය කළ අතර

උන්වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ තැන්පත් කෙරෙනු ඇති බව වතිකානය නිවේදනය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න