ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් නගරාධිපති අසුනේ සිට යළිත් අයවැයට ඡන්දය විමසයි

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් නගරාධිපති අසුනේ සිට යළිත් අයවැයට ඡන්දය විමසයි

ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එකව සභාව පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය ලේඛනය ඉකුත් 15 වනදා වැඩි ජන්දයෙන් පරාජයට පත්වීමත් සමග අද (24) දෙවන වරටත් අයවැය ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 21ක් සහ විරුද්ධව ඡන්ද 15ක් ලැබී තිබුණි.

ඒ අනුව වැඩිඡන්ද 6කින් අයවැය සභා සම්මත වූ බවට දැනුම්දෙමින් නගරාධිපති සුනිල් ගමගේ මහතා සභාව කල්තබා පිටව ගොස් තිබුණි.

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය සභික ධූර 36කින් සමන්විතය.

කෙසේවෙතත් නගරාධිපතිවරයා විසින් සභාව කල්තබා පිටවීමත් සමග සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නාගරික ලේකම්වරියට සභාවෙන් පිටවයෑමට ඉඩ නොදී සභාව තුළ රඳවාගෙන විපක්ෂ මන්ත්‍රීවරයෙකු නගරාධිපති ආසනයේ අසුන්ගෙන යළිත් වරක් ඡන්ද විමසීමක් කැඳවීමට කටයුතු කළේය.

එහිදී විපක්ෂව ඡන්ද 17 ලැබුණු අතර සභිකයින් 19 දෙනෙකු සභාවේ සිටියේ නැත.

ඒ සමගම උණුසුම් වූ සභාව පාලනය කිරීමට පොලිසිය කැඳවීමට ද සිදුවිය.

අද අයවැය ඡන්ද විමසීමට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගර සභාව ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයකද නිරතවිය.

මෙලෙස ගාල්ල මහ නගර සභාවේ හටගත් තත්ත්වය පිළිබඳව නාගරික කොමසාරිස් ගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කෙරුණේ ඡන්ද විමසීම පිළිබඳ තීරණය පසුව දැනුම්දෙන බවය.

පෑලියගොඩ නගර සභාවේ අයවැය දෙවනි වර ඡන්ද විමසීමේදී එක් වැඩි ඡන්දයකින් පරදී

මේ අතර පෑලියගොඩ නගර සභාවේ අයවැය දෙවනි වර ඡන්ද විමසීමේදී අද එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.

අද දහවල් 2ට පමණ සභාපති කපිල කීර්ති රත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර දෙවෙනි වර ඡන්ද විමසීමේදී විපක්ෂව ඡන්ද 9ක් ද පක්ෂව ඡන්ද 8ක් ද ලැබී තිබුණි.

ඉන්පසු සභාව අවසන් කළ අතර පිටතට පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් දැක්විය.

පසුව සභාවෙන් පිටතට පැමිණි සභාපතිවරයා මාධ්‍යට අදහස් පළ කරමින් සඳහන් කළේ ඉදිරි කාලයේ විපක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කරන බවය.

(adaderana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න