පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ජනතාවට දැනුම්දෙයි.
අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් මෙලෙස පැවසීය,
"විශේෂයෙන් මේ දවස්වල ආපදා තත්ත්වයත් එක්ක ජල මූලාශ්‍ර වෙනස් වෙලා තියෙනවා. ඒවායේ තියෙන ශක්තිමත් භාවයන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ තැන් භාවිතා කරන කොට හැමතිස්සෙම පරිස්සම් වෙන්න. කෙනෙක්ගෙන් අහන්න නොදන්නා තැන්වලට ගිහිල්ලා ඒ තැන්වල නාන්න හෝ පරිහරණය කරන්න කලින්. ඒ තැන්වල සමහර වෙලාවට ගැඹුර වැඩිවෙන්න පුළුවන්. ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු තැනක් වෙන්න පුළුවන්. ඒ උනාට ගැටලුත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්"
(aruna)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
