හිමිකරු විරුද්ධ වන්නේ නම්, කල්බදු හෝ මූල්‍ය සමාගම්වලට වාහන අත්පත් කරගැනීමට නොහැකි බව පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්න නිකුත්කළ චක්‍රලේකය ක සඳහන් වෙයි.
එහිදී පොලිස්පති පවසන්නේ , අදාළ සමාගම් වාහන අත්පත් කරගැනීමට අධිකරණයේ නඩු පවරා නීත්‍යානුකූල පියවර ගත යුතු බවය.
කෙසේ වුවත් මීට පෙර කල්බදු සහ මූල්‍ය සමාගම් වාහන අත්පත් කරගැනීම සම්බන්ධ වාහන හිමිකරුවන්ගේ පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන බාරගෙන තිබුණේ නැහැ.
එහෙත්, සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ, එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් කළ යුතු බව ය.
එමෙන්ම, වාහන පැහැරගැනීම හෝ සොරකම් කිරීම පිළිබඳ පැමිණිලි ද විමර්ශනය කළ යුතු බව පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්ය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
