බිල් ගේට්ස් එන වසරේ ලංකාවට !

බිල් ගේට්ස් එන වසරේ ලංකාවට !

ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු තිබේ.

ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන වෙත බාරදී ඇත.

මෙම තීරණයට එළැඹ ඇත්තේ එරික් සෝල්හෙයිම් සහ රුවන් විජයවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සැකච්ඡා කළ අවස්ථාවේදීය.

ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරික් සෝල්හෙයිම් ට දැනුම් දී තිබේ. එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

එසේම ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් ට ද මෙරටට ආරාධනා කිරීමටත් ඔහුත් සමඟ එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත් මෙහිදී තීන්දුවී තිබේ. ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න