ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් අද (23) මුදල් අමාත්‍යංශය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
එහිදී කොළඹ පැවති සාකච්ඡාවකදී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක පවසා ඇත්තේ මෙය සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවය.
පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක පැවසූ අතර ඒ මෙසේය.
රුපියල් ලක්ෂයක ආදායමකට බදු පැනවීමක් නොමැත.
වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500
වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500
වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000
වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000
වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500
වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500
වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500
රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකර ඇති බව එහිදී සඳහන් වූ අතර එසේම ලාභාංශ සඳහා 15%ක්, පොළියට 5%ක් අය කෙරෙන අතර ලක්ෂයට වඩා කුලී ගෙවීමකදී 10%ක් අය කිරීමටද නියමිත බවත් සඳහන් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
