නොවැම්බරයේ උද්ධමනය පහළට !

නොවැම්බරයේ උද්ධමනය පහළට !

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5.6 කින් පහළ ගොස් ඇත.

මේ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 70.6 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය නොවැම්බර් මස සියයට 65 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම ඔක්තෝබර් මස සියයට 80.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 69.8ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.

ඔක්තෝබර් මස සියයට 61.3ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද නොවැම්බර් මස සියයට 60.4 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

නොවැම්බර් මස සියයට 65 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 33.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 31.0 ක දායකත්වයක් ලබා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න