තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්රොනික ක්ෂේත්රයන්හි ප්රමුඛ පෙළේ ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් සමග හමුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඉදිරි වසරවලදී 7%-8%ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට අප වෙහෙසිය යුතු බවත්, එහි දී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්රොනික ක්ෂේත්රයේ දායකත්වය ප්රමුඛ බවත්, පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ පවතින සැබෑ විභවතාව ජය ගැනීමට රජය සමග අත්වැල් බැඳගන්නා ලෙසත්, ඊට අදාළ යෝජනා මෙන්ම ක්ෂේත්රය තුළ දැනට මතුව ඇති ගැටලු පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මණින් ඉදිරිපත් කරන ලෙසත් ව්යාපාරිකයන්ට ආරාධනා කළේ ය.

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්රාග්ධන වියදම් ලෙස රුපියල් ට්රිලියන 2ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඩොලර් ඉල්ලුම පියවා ගැනීමට අපනයන ක්ෂේත්රයේ දායකත්වය හැකි උපරිමයෙන් රජය අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා, ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්රොනික ක්ෂේත්රවලින් ලබාගත හැකි පුළුල් දායකත්වය පිළිබඳව විමසී ය.
දැනට ලංකාවේ පවතින තුන්වන විශාලතම අපනයන ආදායම් ක්ෂේත්රය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය මගින් වසරකට ඩොලර් බිලියන 05ක අපනයන ආදායමක් උපයා ගැනීමේ විභවතාව පවතින බවත්, දැනට ඩොලර් මිලියන 500ක් පමණ වන විදුලි හා ඉලෙක්ට්රොනික ක්ෂේත්රයේ අපනයන ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහළ නැංවීමේ විභවතාව පවතින බවත් මෙහි දී අනාවරණය කෙරුනේ ය. එම ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් රජයක් ලෙස ලබා දිය යුතු දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා වැඩිදුරටත් සාකච්ඡා කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
