සුරාව හොඳටම වටලයි !

සුරාව හොඳටම වටලයි !

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2022 ජනවාරි 01 වනදා සිට 2022 නොවැම්බර් 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම් 31,342ක් සිදුකිරීමට සමත්වී ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊට අනුව අදාළ වැටලීම්වලදී අදාළ වරද සම්බන්ධයෙන් පුද්ගලයන් 31,342ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 4,559ක් කාන්තාවන් වේ.

එසේම මෙම වැටලීම්/ග්‍රහණවලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 350 ඉක්මවන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබඳව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් මිලියන 118ක් දඩ මුදල් ලෙස පනවා ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

1

2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න